හදිසි තීරණයක් නෑ



සෞදි අරාබියේ රජයේ රැකියාවල නිරත වී සිටින විදේශ ශ්‍රමිකයින් ඉවත් කිරීමට හදිසි තීරණයක් ගෙන නොමැති බවටසෞදි සමාජ සේවා අමාත්‍ය, සුලෙයිමාන් අල්-හමඩන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි ජාතිකයන්ට රජයේ ආයතනවල වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් රජයේ රැකියාවල නිරතව සිටිනවිදේශ ශ්‍රමිකයින් 2020 වනවිට ඉවත් කිරීමටපසුගිය සැප්තැම්බර් මාසයේදී සැළසුම් කළ බවට ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සෞදි ජාතිකයින්ගේ අධ්‍යාපන මට්ටම අනුව රැකිය ලබාදීමේදි සෞදි බලධාරීන්ට ප්‍රශ්නවලට මුහුණදීමට සිදු ව ඇති අතර විශේෂයෙන් උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් සේවය කරන බව වෙබ් අඩවිය සඳහන් කර ඇත.   

සමස්ථ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 1,237,081 වන අතර සෞදි ජාතිකයින් 1,173,435 ක් ( පිරිමින් 702,193 ක් ද කාන්තාවන් 471,242ක් ) ද විදේශ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 63,646 ක් (පිරිමි-32,336 ක් සහ කාන්තාවන් 31,310 ක්) ද වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS