හතක් ඝාතනය කරයි



ඊජිප්තු ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන් හත්දෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මධ්‍යම කයිරෝ නුවර ආසන්නයේ ස්ථාන දෙකකදී ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවලින් ත්‍රස්තවාදීන් හත්දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.

ත්‍රස්තයන් තිදෙනෙක් විදුලි කාර්මිකයන් ලෙස කටයුතු කරමින් පුපුරණ ද්‍රව්‍ය ස්ථාන ගත තිරීමට කටයුතු කර ඇත.

ත්‍රස්තයන් අතර සිදු වු වෙඩි හුවමාරුවේදි ආරක්ෂක අංශ නිලධාරියෙක් තුවාල ලබා ඇත.

ත්‍රස්තවාදීන් හඳුනාගෙන නොමැති බවත් මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ සමාජිකයන් විය හැකි බවට ඊජිප්තු ආරක්ෂක අංශ සැක පළකරන අතර ආරක්ෂක අංශ එල්ල කරන චෝදනාඑම සංවිධානය ප්‍රතික්ෂේප කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS