හතක් ඉරාකයේදී මරුට



බටහිර ඉරාකයේ සිදුවුණු හෙලිකොප්ටර් අනතුරකින් ඇමෙරිකන් හමුදා නිලධාරීන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හෙලිකොප්ටරය ඇමෙරිකන් හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයකි. යානය කඩා වැටී ඇත්තේ සිරියානු දේශසීමාවට නුදුරින් අන්බාර් පළාතේ අල් කයීම් නරගය ආසන්නයේය.

යානය කඩා වැටුණේ සතුරු ප්‍රහාරයක් හේතුවෙන් දැයි සැකයක් පවතින බව ඇමෙරිකාව පවසා ඇත. ඇමෙරිකානු හමුදා නිලධාරීන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් ඉරාකයේ රැඳී සිටින් නේ ඉරාක රජයට සහ හමුදාවට උපදෙස් ලබා දෙමින් උපදේශකයන් ලෙසය.ඉරාකයේ සිට සිරියාවේ සටන් සඳහා ද ඇමෙරිකාව සම්බන්ධ වෙයි. ඇමෙරිකානුවන් සහාය දෙන්නේ සිරියානු රජය පෙරළා දැමීමට සටන් කරන කුර්දි බෙදුම්වාදීන්ට යැයි චෝදනා එල්ල වී ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS