හඬපට විදෙස් රටවලට



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වෙද්දී, සිදුවුණු සිදුවීම්වලට අදාලව තුර්කි පර්යේෂකයන් විසින් ලබා ගත් හඬපට ඇමෙරිකාවට, ප්‍රංශයට, ජර්මනියට මහා බ්‍රිතාන්‍යයට සහ සෞදියට ලබා දීමට කටයුතු කළ බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කියයි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී, කශොග්ජී ඝාතනය සිදුවුණු අතර, එම සිදුවීමට අදාල හඬපට වලින් සිදුවුණේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.

තුර්කි ජනාධිපතිවරයා මෙම හඬපට විදෙස් රටවලට ලබා දුන් බව ප්‍රකාශ කළේ ප්‍රංශ සංචාරයකට පිටත් වෙමින්, මාධ්‍යවේදීන් හමුවුණු අවස්ථාවේදීය. ඒ, පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 ක් ගත වීමේ සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS