හගියා සොෆියා මුස්ලිම් දෙව්මැදුරක් කරයි



උරුමයක් ලෙස ද සැලකෙන තුර්කියේ, ඉපැරණි ‘හගියා සොෆියා’ කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගෙන ඇත.

තුර්කි රජය ඉපැරණි ‘හගියා සොෆියා’ කෞතුකාගාරය මුස්ලිම් දෙව්මැදුරක් ලෙස නම් කළේ අධිකරණ තීන්දුවකට අනුවය.

පුරාණයේ රෝමානු කතෝලික දෙව්මැදුරක් ලෙසත්, ඔටෝමාන් අධිරාජ්‍ය සමයේ මුස්ලිම් පල්ලියක් ලෙසත්, පසුව යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙසත් නම් කෙරුණු වසර 1,500 ක් පැරණි, තුර්කියේ ඉස්තාන්බුල් නුවර, ‘හගියා සොෆියා’ කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගෙන තිබේ.

‘හගියා සොෆියා’ කෞතුකාගාරය කතෝලික මෙන්ම මුස්ලිම් වැසියන්ගේ ප්‍රධාන සංචාරක ආකර්ශනයක් විය.

අධිකරණ අවසරය පරිදි ‘හගියා සොෆියා’ මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් තුර්කියටත් තුර්කි ජනාධිපතිවරයාටත් ලෝක ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ‘හගියා සොෆියා’ මුස්ලිම් වැසියන්ට පමණක් නොව සමස්ත ලෝක වාසීන්ට පොදු ස්ථානයක් යැයි ජගත් ප්‍රජාව පෙන්වා දී තිබේ.

‘හගියා සොෆියා’ තුර්කියේ අභිමානය බවත්, ‘හගියා සොෆියා’ කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීම තුර්කියේ ස්වෛරීත්වයට අනුව ගත් තීරණයක් බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.

ඉස්තාන්බුල් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS