හගියා සොෆියා බලන්න යයි



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කළ හගියා සොෆියා කෞතුකාගාරයේ සංචාරයක නියැලුණේය.

හගියා සොෆියා කෞතුකාගාරය පිහිටා ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරය. හගියා සොෆියා පුරාණ රෝමානු කතෝලික දේවස්ථානයකි. 1,500 ක් පැරැණි එය ඔටෝමාන් අධිරාජ්‍යය පැවැති සමයේ මුස්ලිම් දේවස්ථානයක් විය. හගියා සොෆියා කෞතුකාගාරයක් සහ ලෝක උරුමයක් බවට පත් වූයේ 1943 දීය.

හගියා සොෆියා යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි. හගියා සොෆියා මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කළ හැකි යැයි, තුර්කි අධිකරණය තීන්දු කළ අවස්ථාවේදී, යුනෙස්කෝ සංවිධානයෙන් පමණක් නොව ලෝක ප්‍රජාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

පාප්තුමන් පවා කියා සිටියේ තුර්කිය, කිතුනුවන්ට මෙන්ම මුස්ලිම් වැසියන්ට ද එක සේ වටිනා හගියා සොෆියා මුස්ලිම් පල්ලියක් ලෙස නම් කිරීම තම කනස්සල්ලට හේතුවක් බවය.

මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීමෙන් පසු, තව නොබෝ දිනකින් එහි පළමු දේව මෙහෙය පැවැත්වීමට නියමිත බව ද පැවැසෙයි. තුර්කි ජනාධිපති එර්දොවාන්, දේවස්ථානයට පැමිණියේ එහි ඇති අඩුපාඩු සහ එය සංරක්ෂණය සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමටය.

ඉස්තාන්බුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS