සෞදියේ සේවය කල පලස්ථීන මාධ්‍යවේදියාගේ සිරුර හමුවෙයි



සෞදි ආරබියේ සේවය කල පලස්ථීන ජනමාධ්‍යවේදියකුගේ මළසිරුර උතුරු ජෙඩ්ඩාහි ඔහු නතරවී සිටි මහල් නිවසෙන් හමුවී තිබේ. 

වායිල් වාහීබ් නම් මෙම මාධ්යවේදියා රාජකාරි සදහා සෞදි අරාබියට පැමිණීමෙන් පසු සෞදි අරාබියේ පුවත්පත් ගණනාවක සේවය කර ඇති අතර අල්-වාටන් සහ අල් මදීනාහ් පුවත්පත් මේ අතරින් ප්රධාන තැනක් ගනියි. 

මොහුගේ මරණය සම්බන්ධයෙන් ඔහු ජීවත්වු මහල් නිවාසයේ අදාල කාමරය පොලීසිය සහ අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක්වු අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඔහුගේ දේහය අදාල නිළධාරීන්ට භාරදී ඇත. 

මෙම මහල් නිවාසයේ ජීවත්වු වයස අවුරුදු 60ක පුද්ගලයෙකු ස්භාවික හේතුවක් නිසා මරණයට පත්වී ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

මරණය සම්බන්ධව ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සදහා මහජන නඩු විමර්ෂණ කාර්යාංශයට භාරදෙන ලදී.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS