සෞදියේ සල්මාන් කුමරු පාකිස්තානයට



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය.

සල්මාන් කුමරුන්ට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව එරට පුවත් සේවා පෙන්වා දෙයි.

පාකිස්තානය සහ සෞදිය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් වටිනා ගිවිසුම්වලට කුමරුන් සහ පාකිස්තාන අගමැතිවරයා අතරේ අත්සන් තැබුණු බව ද වාර්තා වේ.

පාකිස්තානය උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, එම අර්බුදයෙන් ගොඩ ඒමට මූල්‍ය සහන දීමට ද සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් කැමැත්ත පළ කර ඇත.

සල්මාන් කුමරු පාකිස්තාන සංචාරය සඳහා පැමිණියේ විශේෂ ආරක්ෂාවක් ද යටතේය. සල්මාන් කුමරුන් පාකිස්තානයට පැමිණෙන බව කල් තියා දැනුම් දී තිබුණ ද කුමරු පැමිණෙන දිනය නිශ්චිතව දන්වා තිබුණේ නැත. ඒ, කුමරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS