සෞදියේ සල්මාන් කුමරු ගල්ෆ් රටවල සංචාරයක



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ගල්ෆ් අරාබි රටවල සංචාරයක් ආරම්භ කර ඇතැයි සෞදි රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, මෙම සංචාරය ආරම්භ කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ගල්ෆ් කලාපිය රටවල රාජ්‍ය නායක සමුළුවට පෙරය.

වාර්ෂිකව පැවැත්වෙන ගල්ෆ් කලාපීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වනු ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙනි. මේ වනවිටත් එම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී ඇත. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සෞදිය ඇතුළු ගල්ෆ් රටවලින් අදහස් විමසා තිබේ.

ඒ, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීම සඳහාය. ගල්ෆ් කලාපීය රාජ්‍ය නායක සමුළුවේ දී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇත්තේ මේ නිසාය.

ගල්ෆ් රටවල සංචාරය ආරම්භ කරමින් සල්මාන් කුමරු පළමුවෙන් ම පැමිණෙනු ඇත්තේ ඕමානයට යැයි පැවැසෙයි. ඉන්පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට, බහරේනයට, කටාර් රාජ්‍යයට, කුවේටයට යෑමට නියමිත බව සෞදියේ 'අල් අරාබියා' පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS