සෞදියේ සංචාරක කටයුතු යළි ඇරඹේ



සෞදි අරාබියේ සංචාරක කටයුතු යළි ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් සංචාරක කටයුතු අඩපන වු බව සංචාරක අමාත්‍ය, අහමඩ් අල්-කතීබ් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

සෞදි පුරවැසියන්ගෙන් සියයට 80 ක් දේශීය සංචාරක කර්මාන්තයෙන් ප්‍රයෝජන ගැනීමට කැමති බවට සංචාරක අධිකාරිය විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS