සෞදියේ විශේෂ ආර්ථික කලාපයක්



සෞදි අරාබිය තුළ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමට සෞදි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

තෙල් ආර්ථිකය මත නොරැඳී ආර්ථික විවිධාංගීකරණය තුලින් සෞදි ආර්ථිකය ශක්තිමත් කිරීමට 2030 දැක්ම අනුව කටයුතු කරන බව සෞදි ආයෝජන අමාත්‍ය, කාලිඩ් අල්-ෆලිහ් ජී20 සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියට ඔරොත්තු දෙන සහ පෞද්ගලික අංශයේ සහයෝගය ඇතිව ආර්ථිකයක් නිර්මාණය කළ යුතු කාලයක් පැමිණ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS