සෞදියේ මුස්ලිම් පල්ලි විවෘත කරයි



සෞදි අරාබිය පුරා ඇති දස දහස් ගණනක් මුස්ලිම් පල්ලි යළි විවෘත කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා තිබු ආරක්ෂිත පියවරයන් හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් ආගමික වතාවත් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි.

ඒ අනුව, සෞදි අරාබියේ මුස්ලිම් පල්ලි 90,000 කට වැඩි ප්‍රමාණයක් නැවත විවෘත කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

පනවා ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ආගමික වතාවත් සිදුකරන ආකාරය පිළිබඳව විවිධ භාෂා වලින් මිලියන ගණනක කෙටි පණිවුඩ යැවු බව ඉස්ලාමීය කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS