සෞදියේ මහ මඟුලක්



සෞදි අරාබියේ මක්කම නුවර පැවැත් වු විශාල මංගල උත්සවයකදී මනාල මනාලියන්1400 ක් විවාහ ගිවිස ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජෙඩා නුවර ආණ්ඩුකාර,මිෂාල් බින් මජිඩ් බින් අබ්දුල්-අසිස් අල්-සෞදි කුමරුමංගල උත්සවය සඳහා අනුග්‍රහය ලබා දී ඇත.

යෞවන විවාහ සහ පවුල් මඟපෙන්වීම සඳහා වූ පදනම මඟින් මංගල උත්සවයසංවිධානය කළ අතර එය  "ජෙඩා ජෝයි" උත්සවයේ කොටසක් ලෙස පවත්වන ලදී.

ස්ථාවරත්වයකින් යුත් පවුල් ගොඩනැඟීමේ ව්‍යායාමයේ කොටසක් ලෙසතරුණ තරුණියන් 80,000 කට පමණ විවාහ වීම සඳහා යෞවන විවාහ සහ පවුල් මඟපෙන්වීම සඳහා වූ පදනම උපකාර කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS