සෞදියේ ප්‍රති-සරම්ප ව්‍යාපාරයක්



සෞදි අරාබිය රුබෙල්ලා සහ සරම්ප තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරයි.

වයස මාස දෙකේ සිට අවුරුදු පහ දක්වා දරුවන්ට ප්‍රති-එන්නත් ලබා දීම සඳහා සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය මේවනවිට වැඩ කටයුතු ආරම්භ කර ඇත.

“අපි සරම්ප තුරන් කරමු’’ යනුවෙන් ජාතික ව්‍යාපාරය නම් කළ බවත් සරම්ප හේතුවෙන් ලොව පුරා විශාල දරුවන් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.  

සරම්ප ආසාදනය වී දින7-14 කාලය තුල රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර අධික උණ, කැස්ස, නාසයෙන් දියර ගැලීම, ශරීරය පුරා රතු පැහැති පැල්ලම් ඇති වීම සහ ඇස් රතු වී කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණ මතු වෙයි.

වෛද්‍ය නිර්දේශ මත අදාල වයස් සීමාවේදි, ප්‍රති-සරම්ප එන්නත් ලබා දීම දරුවන් සරම්පවලින් ආරක්ෂා කරගැනීම ගත හැකි හොඳ ක්‍රියාමාර්ගය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS