සෞදියේ ගල්ෆ් සමුළුවට කටාර් එමීර් නෑ



සෞදියේ පැවැත්වෙන 40 වැනි ගල්ෆ් සහයෝගීතා සමුළුවට තමන් සහභාගී නොවන බව කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී පවසා ඇත.

බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ සෞදිය මහ කටාර් රාජ්‍යය අතර පළුඳු වුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට කටාර් එමීර්වරයාට මෙම සෞදි සංචාරයේ දී හැකියාව ලැබෙනු ඇති බවය.

සෞදියේ පැවැත්වෙන ගල්ෆ් සහයෝගීතා සමුළුවට තමන් සහභාගී නොවූවත්, කටාර් රාජ්‍යය නියෝජනය කරමින් අගමැති අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානී සහභාගී වනු ඇති බව කටාර් එමීර්වරයා පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS