සෞදියේ කොරෝනා එක් ලක්ෂ පනස් දහස පනී



ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 නව කොරෝනා වයිරසය මේ වනවිට සෞදි අරාබියේ ඉතා සීග්‍ර ලෙස ඉහල යමින් පවතින බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය දිනපතා එලි දක්වන කොරෝනා වාර්තාව මගින් සදහන් කරයි.

ඊයේ (21) නිකුත් කරන ලද  වාර්තාවේ සදහන් අන්දමට පසුගිය පැය 24 ක කාලයක් තුල වාර්තාවූ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,941ක්

වූ අතර  මියගිය සංඛ්‍යාව 46 ලෙසද සුවය ලබා ඇති සංඛ්‍යාව 3,153 ක් ලෙසද වාර්තාවේ.ඒ අනුව සෞදි අරාබියේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 154,231 ක් වන අතර මියගිය මුළු ගණන 1,230 කි.සුව වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 98,917 ක් වන අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ගේ ගණන 1,955කි. කෙසේ වුවද අද 21 දින සිට මෙතෙක් පැවති ඇදිරිනීතිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගියදා  නිවේදනය කළේය.

කෙසේ වුවද සෞදි අරාබියේ ඉදිරි කාලය දැඩි අවධානම් කාලයක් වනු ඇති අතර විදේශිකයින් ඇතුළු බොහෝ පිරිසකට කොවිඩ් 19 අවධානම දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බැවින් විදේශිකයින් විශාල පිරිසක් තම රටවල් බලා යාමට යුහුසුළුව සුදානම් වන බවක් දන ගන්නට ඇත.මේ වනවිටත් රටවල් කිහිපයක් ගුවන් ගමන් සීමිත අන්දමින් මෙරටට පැමිණ තම පුරවැසියන් අදාල රටවලට රැගෙන යාම ආරම්භ කර ඇති අතර  ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් සියලු කටයුතු අවසන් කරමින් මවු බිමට යාමේ බලාපොරොත්තුවෙන් රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති  බව වාර්තාවේ. කුමන මොහොතක හෝ ගුවන් ගමන් ආරම්භ කරන තෙක් පෙළ ගැසී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව පවසනුයේ කොවිඩ් වසංගතයෙන් තම ජිවිතයට ඇති අවධානමෙන් බේරා ගැනීමට හැකි ඉක්මනින් මවු බිමට යායුතු බවයි.

කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ආසාධනය වීමෙන් සෞදි අරාබියේ රැකියාව කල ශ්‍රී ලාංකික පුරවැසියන් හය දෙනෙකු මියගොස් සිටින අතර සැලකිය යුතු ප්‍රමාණයක් රෝහල් ගතකර ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය


RECOMMEND POSTS