සෞදියේ කොරෝනා 75,000 පනී



ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මේ වන 75.000 ඉක්මවා ඇති බව සෞදි අරාබියේ මාධ්‍ය වාර්තා කරයි.කොරෝනා ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව  400 ඉක්මවා ඇති බවත් සුවය ලබා ඇති සංඛ්‍යාව 45.000  ඉක්මවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව සෞදි අරාබියේ  සුවය ලබන්නන්ගේ සංඛ්‍යාව ප්‍රති ශතයක් ලෙස ගත් විට 50% ඉක්මවා ඇති බව සනාථ වේ

කෙසේ වුවද මේ වනවිට සෞදි අරාබියේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ඇදිරි නිතිය ක්‍රියාත්මක වන අතර අද 28 වනදා දක්වා අකණ්ඩව  බව ක්‍රියාත්මක බවත් සෞදි ඒජන්සි පුවත් සදහන් කරයි.ආර්ථික හා වෙළද හා ව්‍යාපාරික කටයුතු සමබරව පවත්වා ගැනීම සදහා නැවතත් ඇදිරිනිතිය ක්‍රමානුකුලව ඉවත් කිරීමට සෞදි බලධාරීන් පසුගියදා තීරණය කර තිබු අතර ඒ අනුව අද 28 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අභ්‍යන්තර ගුවන් සේවාආරම්භ කිරීමටත් ආගමික දෙවස්ථාන,ආපනශාලා සහ සාමාන්‍ය අවන්හල් සහ රැකියාවන් සදහා පැමිණීමට අවසර ලබාදීමටත් තීරණය කර ඇත.

 පෙරවරු 6.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල සියලුම පෞද්ගලික මෝටර් රථ සෞදි අරාබිය පුරා ධාවනය සදහා අවසර ලබා දීමටත් සිල්ලර සහ තොග වෙළද ආයතනයන් පවත්වාගෙන යාමටත්අවසර ලබාදෙනු ඇත.කෙසේ වුවද රුප ලාවන්‍ය, බාබර් සාප්පු, ක්‍රීඩා සමාජ, සෞඛ්‍ය ශාලා විනෝද මධ්‍යස්ථාන සහ සිනමා සදහා මෙම සහන ලැබී නොමැත.මෙම ලිහිල් කිරීම් මක්කම සහ තදාසන්න ප්‍රදේශ සදහා වලංගු නොමැති අතර එම ප්‍රදේශ වල ඇදිරි නිතිය  සුපුරුදු පරිදි පැය 24 පුරාවටම ක්‍රියාත්මක බවද ජුනි මස 21 වෙනි දිනෙන් පසුව සම්පුර්ණයෙන්ම රට විවෘත කිරීමට කටයුතු යොදන බවද සෞදි බලධාරීන් පවසයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට.

RECOMMEND POSTS