සෞදියේ ආසාදිතයන් අඩුවෙයි



සෞදි අරාබියේ දිනපතා කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කිසිදු සෞදි නගරයක දිනකට රෝගීන් 100 කට වඩා වාර්තා වී නොමැති අතර, කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ද අඩුවෙමින් පවතින බවට ලකුණකි.

දැනට කොරෝනා රෝගීන් 24,310 ක් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් 1,652 ක්  දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 3,619 ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS