සෞදියේ ආසාදිතයන් 50,000 ඉක්මවයි



සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා ආසාදිතයන් 2,840 ක් වාර්තා වීමෙන් පසු, මුළු සංඛ්‍යාව 51,980 දක්වා ඉහළ ගොස් ඇත.

පළමු කොරෝනා ආසාදිතයා 2020 මාර්තු 02 දින වාර්තා වීමෙන් පසු, කොරෝනා ආසාදිතයන් 302 ජිවිතක්ෂයට පත් වී ඇත.

සෞදි අරාබියේ දිනකට කොරෝනා රෝගීන් 1,500 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරාංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS