සෞදියෙන් රත්‍රං සහ තඹ නිධි මතුවෙයි



සෞදි අරාබියේ මදිනා නුවරින් රත්‍රං සහ තඹ නිධි කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මදීනා නුවර අබා අල්-රාහා නගරයේ මෙම රත්‍රං සහ තඹ නිධි පිහිටා ඇති බව සෞදි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සමාජ ජාල මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මදීනා හි අල් මඩික් ප්‍රදේශයේ ස්ථාන හතරකින් තඹ නිධි සොයා ගෙන ඇත.

දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, සෞදි ආර්ථිකය ඉතා උසස් මට්ටමකට ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කෙරේ.

සෞදි අරාබිය ඇමරිකානු ඩොලර් මිලියන 533 ක ආයෝජනයක් අපේක්ෂා කරන අතර, රැකියා 4,000 ක් පමණ උත්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මදිනා නුවර)


RECOMMEND POSTS