සෞදියෙන් රටවල් 32කට ආධාර



සෞදි අරාබිය රටවල් 32ක අධ්‍යාපන ක්ෂේත්‍රයට දියුණු කිරීමට විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් බිලියන පහකට (05) වඩා වැඩි වටිනාකමකින් යුත් වැඩසටහන් 132ක් සහ මානුෂීය ව්‍යාපෘති රටවල් 32ක ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ප්‍රතිලාභ ලබන රටවල් වන්නේ සිරියාව, ඉන්දුනීසියාව, ගිනියාව, ඊජිප්තුව, චීනය, නයිජර්, මොරොක්කෝව, කියුබාව, ලෙබනනය, මුරුතානියා, ටජිකිස්ථානය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, මොසැම්බික්, වියට්නාමය, උගන්ඩාව, මලාවි, ටියුනීසියාව, චැඩ්, බෙනින්, පාකිස්තානය, කැමරූන්, පලස්තීන, ජෝර්දානය, ඇෆ්ගනිස්ථානයමියන්මාරය, ඉරාකය, සැම්බියාව, ඉන්දියාව සහ තවත් රටවල් කීපයක් අයත් වේ.

රටවල් 32ට සිටින ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 2,393,097කට අධ්‍යාපනය කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන බව සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ආචාර්යඅබ්දුල්ලා අල්-රබීහ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS