සෞදියෙන් යේමනයට ප්‍රහාරයක්



සෞදි ප්‍රහාරක ගුවන් යානා විසින් යේමනයේ බටහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

අල් ජෙහාරි ප්‍රදේශයේ ගොවිපලකට ඊයේ දිනයේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. එමෙන්ම යේමනයේ අල් කොහෝකා ප්‍රදේශයට එල්ල වු තවත් ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2015 වසරේ සිට සෞදි අරාබිය විසින් යේමනයේ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 13,600 දෙනෙකු පමණ මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS