සෞදියෙන් යේමනට පැය 48 ක සටන් විරාමයක්



යේමනයට පැය 48 ක සටන් විරාමයක් ලබා දීමට සෞදි රජය තීරණය කළේය. ඒ අනුව අද (19) යේමනයේ වේලාවෙන් දහවල් 12 සිට එම සටන් විරාමය ආරම්භ වනු ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
සටන් විමාරයේ අරමුණ විපතට පත්වුණු යේමන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම යැයි සොෟදි රජය කියයි. යේමන රජය පෙරළා දමා, සෞදිය සමඟ සටන් වදින්නෝ හවුති නමැති ෂියා මුස්ලිම් සටන්කාමීහුය.
සෞදිය පවසා ඇත්තේ, හවුති සටන්කාමීන් මෙම සටන් විරාමයට ගරු කළාහොත් ඉදිරියේ දී ස්ථිර සටන් විරාමයකට යෑමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
සෞදි රජය මෙසේ සටන් විරාමයකට එකඟ වූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. සටන් විරාමය ආරම්භ කිරීමට කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද පැසැසුම් හිමිවී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS