සෞදියෙන් පනහක් දිවයිනට



කොවිඩ් 19 නව කොරෝනා වසන්ගතයත් සමගින් සෞදි අරාබියේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පනස් දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 1264 කාර්ගෝ (භාණ්ඩ ප්‍රවාහන) විශේෂ ගුවන් යානය ඊයේ 6 සවස 6.10 රියාද් කින් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත් විය.

මාස කිහිපයක සිට කොරෝනා වසන්ගතයත් සමග ශ්‍රී ලංකාවට යාමට නොහැකිව සිටි දැනට රියාද්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියා පදිංචිව සිටි 4500 නොඅඩු පිරිසෙන් අනුපිලිවෙල අනුව තෝරාගත් මෙම මෙම පිරිස පනහකට නොවැඩි වූ අතර දමාම් රියාද් සහ ජෙඩා යන ප්‍රදේශ වල සේවය කරමින් සිටි රැකියා අහිමිව විවිද දුෂ්කරතා මධ්‍යයේ අසරණව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර කාන්තා පක්ෂයේ කිහිප දෙනෙක්ද වුහ.

විශේෂයෙන්ම තම සේවා ආයතන විසින් පිටවීමේ විසා  ලබාදී තිබු විශාල පිරිසකගේ විසා පතෙහි කාලය ඉක්මවා තිබු අතර ඊයේ 6 දින විසා පත් කල් ඉකුත්වූ කිහිප දෙනෙකුද කිසිදු බාධාවකින්  මෙම ගමනට එක්වී තිබීම විශේෂිත විය.

මේ අතර  ලබන 8 වෙනි දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 1264 AIR BUS A 330-300 සාමාන්‍ය ගුවන් යානයක් සෞදි අරාබියේ රියාද් නුවරට ලගා වීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි. මෙම ගුවන් ගමන් සදහා ගුවන් ප්‍රවේශ පතට අමතරව PCR පරීක්ෂණ සහතිකය අනිවාර්ය වන අතර නිරෝධායන ගාස්තු (හෝටල්) සදහා අය කිරීමක් නොකිරීමද විශේෂ කරුණක් විය.ඒ සදහා මගීන්ගේ කැමැත්ත මත සිදු කිරීමට නියමිත බවද සදහන්ය.

දැනටමත් 8 වෙනි දින පැමිණීමට නියමිත ගුවන් ගමන සදහා ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ගුවන් ටිකට් පත් වෙන් කරමින් සිටින අතර තානාපති කාර්යාලයේ නිලධාරින්  ඒ සදහා  යුහුසුළුව ක්‍රියා කරන බවද රියාද් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවද නැගෙනහිර පළාත දමාම්,අල් කොබාර් ඇතුළු තදාසන්න ප්‍රදේශ වල කොරෝනා වසන්ගතයත් සමගින් අසරණව සිටින කාන්තාවන් ඇතුළු විශාල පිරිසකට කිලෝමීටර් 500 ක් වැනි දුර බැහැර ප්‍රදේශයක් වන රියාද් නුවරට යාමේ අපහසුතාවය හේතුකොට ගෙන දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙතද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ලබාදෙන ලෙස නැගෙනහිර පළාත ශ්‍රී ලාංකික ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට

RECOMMEND POSTS