සෞදියෙන් දෙසිය අනූ එක් දෙනෙකු මවුබිමට



කොවිඩ් 19 නව කොරෝනා වසන්ගතයත් සමග මාස අටකට අධික කාලයක් විවිද දුෂ්කරතා මධ්‍යයේ සෞදි අරාබියේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙක් පසුගිය 8 වෙනි දින සවස 6.10 ට  රියාද් නුවර කින් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL/ 1264 දරන  ගුවන් යානයෙන්   ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව වැඩ බලන තානාපති මදුක වික්‍රමාරච්චි මහතා පැවසිය.  මේ අතර පසුගිය හය වෙනි දිනද (6) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහනය කරන (කාර්ගෝ) ගුවන් යානයක් මගින් විවිද රෝගාබාද තත්වයේ පසුවූ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු ඇතුළුව පනස් දෙනෙකු පමණ ශ්‍රී ලංකාව බලා පිටත් විය.

මෙම කාර්ය සාර්ථක කර ගැනීම උදෙසා සහයෝගය ලබාදුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රියාද් කළමනාකාර සදුන් ජයසිංහ මහතා සහ එහි කාර්ය මණ්ඩලය විසින් කරන ලද කැප කිරීම වෙනුවෙනුත්,විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනාධිපති ලේඛම් කාර්යාලය වෙත රියාද් තානාපති කාර්යාලය සහ ජෙද්ද පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය සිය ස්තුතිය පුද කරන බවද වික්‍රමාරච්චි මහතා සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.

RECOMMEND POSTS