සෞදියෙන් ඩොලර් බිලියන 3 ක ණයක්



ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙන පාකිස්තානයට සෞදි අරාබියෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණයක් හිමිවිය. මෙම ණය මුදල සෞදියෙන් පාකිස්තානයට ලැබෙන ආර්ථික සහන පැකේජයක එක් කොටසක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශක සෞඛාත් තරීන් පැහැදිලි කර තිබේ.

මෙම ණය මුදල ලබා දීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට විශේෂයෙන් ස්තුති කරනවා යැයි ද සෞඛාත් තරීන් පවසා තිබේ. ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

මෙම ආර්ථික සහන පැකේජයට පාකිස්තාන රජය අත්සන් කර ඇත්තේ පසුගිය මාසයේය. පැකේජයේ කොන්දේසි අනුව, ණය මුදලට අදාල පොළී අනුපාතය වසරක් සඳහා සියයට 4 ක් වනු ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS