සෞදියෙන් එමිරේටයෙන් ඔමික්‍රෝන් හමුවෙයි



මැදපෙරදිග කලාපීය රටවල් වන සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ද මේ වනවිට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වී ඇත.

ගල්ෆ් කලාපයේ රටවලට 'ඔමික්‍රෝන්' ව්‍යාප්ත වූ පළමු අවස්ථාව මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි. මේ වනවිට ලෝකයේ මහද්වීප රැසකින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇත.

සෞදි සෞඛ්‍ය අමත්‍යාංශය කියා සිටියේ තමන්ගේ ඔමික්‍රෝන් ආසාදිතයා උතුරු අප්‍රිකානු රටක සිට ආ අයකු බවය. එමිරේට්ස් රාජ්‍යය පවසා ඇත්තේ එරටින් හමුවුණු 'ඔමික්‍රෝන්' කාන්තාව අප්‍රිකා රටක සිට අරාබි රටක් හරහා එමිරේට්ස් රාජ්‍යයට පැමිණි අයකු බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS