සෞදියට මිසයිල් එල්ල කරලා



සෞදි අරාබියේ නජ්රාන් නගරයට බැලස්ටික් මිසයිල් එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් කීපදෙනෙක් සුළු තුවාල සිදු වී ඇති බව සෞදි සන්ධාන හමුදාව ප්‍රකාශ කළේ ය.

යේමනයේ සාඩා නගරයේ සිටගරිල්ලන් මිසයිල් එල්ල කර ඇති බවත්, සාමාන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් ගරිල්ලන් මිසයිල් එල්ල කර ඇති බව සන්ධාන හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ගරිල්ලන් එල්ල කළ මිසයිල් විනාශ කර දැමීමට සෞදි සන්ධාන හමුදාව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS