සෞදියට බැලැස්ටික් මිසයිල ප්‍රහාර



සෞදියේ ගුවන් තොටුපොළක් ඉලක්ක කර ගනිමින්, යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම මිසයිල උඩු ගුවනේදී විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වුණු බවත් වාර්තා වේ.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ සෞදියේ ජිසාන් පළාතේ ගුවන්තොටුපොළටය. උඩු ගුවනේදී මිසයිල විනාශ කළේ යැයි සෞදිය පැවැසුව ද යේමන හවුති සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන්ගේ මිසයිල නිවැරදිව ඉලක්ක වෙත ගමන් කළ බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS