සෞදියට බැන හිරේ යයි



කුවේටයේ ට්විටර් සමාජ ජාල පරිශිලකයෙක් වන අබ්දුල්ලා අල්-සලේ වසර තුකනට සිරගතකරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහාසෞදි අරාබිය අපහාස කිරීම හේතුවෙන් නඩු පවර ඔහු නොමැතිව නඩුව විභාග කර වසර තුනක කාලයකට සිරගත කරන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කර ඇත. 

මැදපෙරදිග රටවල් කීපයකට අපහාසාත්මක ආකාරයෙන් අදහස් පළ කිරීම හේතුවෙන් මීට පෙර අවස්ථාවන් කීපයකදී වරදකරු වී ඇත.

කුවේටයට යෑමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත් එක්සත් රාජධානියේ රැකවරණය ලබාදෙන ලෙස එරට රජයෙන් ඔහු ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS