සෞදියට බ්‍රිතාන්‍යයෙන් සම්බාධක



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය මුල්කොට ගනිමින්, මහා බ්‍රිතාන්‍ය සෞදි රජයට ආර්ථික සම්බාධක පැනැවීමට තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ (7) වාර්තා කළේය.

ජමාල් කශොග්ජී සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරැන්ගේ උදහසට ලක් වූ අයෙකි. ඒ, කුමරුන් දිගින් දිගට විවේචනය කිරීම නිසාය. කුමරැන්ගේ උපදෙස් පරිදි, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී සෞදි ඒජන්තවරැ කණ්ඩායමක් කශොග්ජී කුරිරු ලෙස මරා දමා සිරුර ද විනාශ කළහ. ඒ, 2018 දීය.

මානව හිමිකම් කඩ කරන පුද්ගලයන්ට සහ රටවලට ආර්ථිකමය වශයෙන් සම්බාධක පැනැවීමට මහා බ්‍රිතාන්‍යය මේ වනවිට පියවර ගෙන ඇත. සෞදියට සම්බාධක පැනැවීමක් සිදුවූයේ ඒ අනුවය.

සෞදියට පමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන්, රුසියාවට, මියන්මාරයට සහ උතුරු කොරියාවට ද ආර්ථික සම්බාධක පැනැවීමක් සිදු කරන බව බි‍්‍රතාන්‍ය විදෙස් ලේකම් ඩොමිනික් රාබ් පවසා තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS