සෞදියට න්‍යෂ්ටික බලාගාරයක්



සෞදි අරාබියේ ඉදිකරන ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා සමාගම් පහක් සමඟ සෞදි රජය සාකච්ඡා කරන බව වාර්තා වේ.

ඉදිකිරීමට නියමිත න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් දෙකකින් සමන්විත වෙයි.

න්‍යෂ්ටික බලශක්තිය නිපදවීම සඳහා තමන්ගේම යුරේනියම් සම්පත් පොහොසත් කිරීමට කැමති බව සෞදි බලශක්ති අමාත්‍ය, අබ්දුලාසීස් බින් සල්මාන් මීට පෙර පැවසීය.

කෙසේ වෙතත්, යුරේනියම් සැකසීමට සෞදි අරාබියට ඇති හැකියාව පිළිබඳව එක්සත් ජනපද බලශක්ති ලේකම්, රික් පෙරී පසුගිය සතියේ සැක පහළ කළේය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පසුව න්‍යෂ්ටික බලාගාරක් ඉදිකරන දෙවන ගල්ෆ් රාජ්‍යය බවට සෞදි අරාබිය පත් වෙයි.

මෙගාවොට් 1,400 ක විදුලි බලයක් නිපදවීම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හතරක් ඉදිරියේදි ඉදිකරන බව වටන් පුවත්පත වාර්තා කරයි.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS