සෞදියට කෝටි 100 ක යුද්ධෝපකරණ



හොඳහිත ශක්තිමත් කර ගනිමින්, සෞදි අරාබියට ඇමෙරිකන් ඩොලර් කෝටි 100 ක් වටිනා යුද්ධෝපකරණ ලබා දීමේ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

මෙම නව කොන්ත්‍රාත්තුව යටතේ ඇමෙරිකාවෙන් සෞදියට ඩොලර් මිලියන 670 ක් වටිනා යුද ටැංකි, ඩොලර් මිලියන 106 ක් වටිනා ප්‍රහාරක හෙලිකොල්ටර් යානා සහ ඩොලර් මිලියන 300 ක් වටිනා හමුදා රථ ලබා දීම සිදුවන බව ද පැවැසෙයි.

මේ වනවිට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු සිටින්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සංචාරයක නියැළෙමිනි. සෞදි කුමරු සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතරේ විශේෂ හමුවක් ද පසුගිය දා ධවල මන්දිරයේදී සිදුවිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS