සෞදියට එරෙහිව යේමන ගෝත්‍රික කල්ලි අත්වැල් බැඳ ගනී






දිනෙන් දින උත්සන්න වන සෞදි ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑමත් ගම්මාන විනාශවීමත් සමඟ විවිධ පළාත්වල ගෝත්‍රික සන්නද්ධ කල්ලි ඔවුන්ගේ පටු අරමුණු පසෙකළා එකමුතු වී, ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
සෞදි ගුවන් ප්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය වීමත් සමඟ සෞදියෙන් පළිගැනීමට කටයුතු කරනවා යැයි ද මෙම ගෝත්‍රික සන්නද්ධ කල්ලි පවසා ඇත.
මෙම සන්නද්ධ කල්ලිවලට නායකත්වය දෙන්නේ හජ්ජා පළාතේ කලාන් සහ සන්හාන් නමැති ගෝත්‍රික කල්ලි දෙක යැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS