සෞදියට එරෙහිව නඩු කියන්න කටාරය සූදානම්



කටාර් රාජ්‍යය නියෝජනය කරන මානව හිමිකම් සුරැකීමේ සංවිධාන එකමුතුවී, සෞදියට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට සූදානම් වෙයි.

කටාර් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සෞදියට එරෙහිව නඩු මඟට පිවිසෙන්නේ ස්විට්සර්ලන්ත නීතීඥවරුන් කණ්ඩායමක් ද සමඟය.

කටාරය හුදෙකලා කිරීමට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් වන බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුවට එරෙහිව කටාර් මානව හිමිකම් සංවිධාන චෝදනා එල්ල කරනු ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට සෞදිය ප්‍රමුඛ බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට කටයුතු කර ඇත. ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් කටාරය හුදෙකලා කිරීමට මෙම රටවල් පියවර ගෙන ඇත්තේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදීන්ටත් අන්තවාදීන්ටත් අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමිනි.

එම චෝදනා පදනම් විරහිත බවත්, සෞදිය ප්‍රමුඛ මැදපෙරදිග රටවල් ගෙන ඇති තීරණයෙන් කටාර් වැසියන්ගේ මූලික අයිතීන් උල්ලංගනය වෙනවා යැයි කටාර් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දී තිබේ.

මේ අතර පවතින අර්බුදය අවසන් කරමින්, පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ කොන්දේසි තරයේ ප්‍රතික්ෂේප කරන බව කටාර් රාජ්‍යය පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS