සෞදියට අලුත් තානාපතිවරයෙක් !



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෞදි අරාබියට නව තානාපතිවරයෙකු නම් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු හමුදා ජනරල්වරයෙකු වන ජෝන් අබිසෙයිඩ් මෙලෙස සෞදි අරාබියාවේ නව තානාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නම් කර ඇති බවයි.

සෞදි අරාබියාව සහ අමෙරිකාව අතර මතභේදකාරී තත්ත්වයක් පවතින කාලයක මෙම නව පත් කිරීම සිදු කිරීම විශේෂත්වයක් ලෙස සඳහන් වෙයි.

ජනරාල් ජෝන් අබිසෙයිඩ් 2003 – 2007 කාලය තුළ ඉරාකයේ අමෙරිකානු හමුදා සිදුකල මෙහෙයුම් සඳහා නායකත්වය ලබාදී කටයුතු කල අයෙක් වෙයි.

 

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් අසුරෙනි


RECOMMEND POSTS