සෞදිය හිමෙන් වැසෙයි



සෞදි අරාබියේ ටබුක් පළාතට සහ අනිකුත් ප්‍රදේශවලට අධික ලෙස හිම පතිත වන බව වාර්තා වේ.

ටබුක් පළාතේ ජබල් අල්-ලෝස්කඳුකර ප්‍රදේශයට හිම පතිත වීමට පටන් ගෙන ඇති අතර අල්-අබියාඩ් නිම්නය, වඩිල්, අල්-උලු, අල්-මහාරක්සහ මක්ලාහා යන ප්‍රදේශවලටද අධික හිම පතනයක් ලැබී ඇති බව වාර්තා වේ.

කඳු සහ තැනිතලා ප්‍රදේශ හිමෙන් වැසී ඇතිආකාරය දැක්වෙන චමත්කාර ජනක ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවල එක් කිරීමට පිරිස් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS