සෞදිය වැට් බදු වැඩිකරන්න යයි



සෞදි අරාබිය වැට් බදු (එකතු කළ අගය මත බදු) වැඩිකිරීමට අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සෞදි වැඩබලන තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. 

සෞදි අරාබිය ජූලි මාසයේදී එකතු කළ අගය මත බද්ද සියයට 15 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීමට කටයුතු කළේ ය.

වැට් බදු වැඩි කිරීමට ගත් තීරණය ඉතා වේදනාකාරී තීරණයක් බව දින කිහිපයකට පෙර ඔටුන්න හිමි කුමරු කළ කතාවකදි සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS