සෞදිය ලෝක වාර්තාවකට සැරසෙයි



සෞදි අරාබිය සැප්තැම්බර් 23 දිනට යෙදෙන 88වන ජාතික දිනය නිමිත්තෙන් ලොව විශාලතම ජාතික කොඩිය සහ ගිනිකෙළි සංදර්ශනය පවත්වමින් ගිනස් ලෝකවාර්තාවක් තැබීමට සූදානම් වන බව වාර්තා වේ.

සෞදි අරාබිය තුල වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව සෞදි විනෝද කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේය.

සමාරම්භක දින ලෙස සැප්තැම්බර් 19 නම් කර ඇති අතර සැප්තැම්බර් 23දිනට යෙදෙන ජාතික දිනයෙන් අවසන් වේ.

ස්ථාන පනස් අටකදී (58) ගිනිකෙළි සංදර්ශන පවත්වන අතර ඒසඳහා මල්වෙඩි 900,000ක් භාවිතා කිරීමට සැළසුම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS