සෞදිය යුද ප්‍රකාශ කරලා



සෞදිය තමන්ට එරෙහිව යුද ප්‍රකාශ කර ඇතැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය කියයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ සෞදිය අතර මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ, ලෙබනන් අගමැති හරීරිගේ ඉල්ලා අස්වීමත් සමඟය.

හරීරි  සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ සෞදි අරාබියේ සිටය. ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූයේ මරණ තර්ජනවලට බියෙනි. ඔහු චෝදනා කළේ ඉරානයත් හිස්බුල්ලා සංවිධානයත් තමාට තර්ජනය කරන බවටය.

හරීරි ඉල්ලා අස්වූයේ සෞදියේ බලපෑම මත බවටත්, යළි ලෙබනනයට නොපැමිණි හරීරි සෞදියේ සිරකරුවකු වී සිටින බවටත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙනුවෙන් එහි නායක හහසාන් නසරල්ලා පවසයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS