සෞදිය දිගටම ඇමෙරිකාව පැත්තේ



ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයට විරෝධය දක්වන නමුත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග සාමය වෙනුවෙන් ඇමෙරිකාව ක්‍රියාත්මක කරන සාම වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබා දෙන බව සෞදි අරාබිය පවසා තිබේ.

පිළිගත හැකි සාධාරණ සාම වැඩපිළිවෙළක් හඳුන්වා දෙමින් ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ජනපති ට්‍රම්ප් පියවර ගත යුතු යැයි සෞදි රාජකීය අධිකරණය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊශ්‍රායල අගනුවර ජෙරුසිලම බව නිල වශයෙන් පිළිගනිමින් ට්‍රම්ප් කටයුතු කළ ආකාරය ගැන තමන් කිසිසේත් පැහැදීමකට පත් නොවන බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS