සෞදිය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි



තෙල් ගබඩා සංකීර්ණ දෙකට ඉකුත් සති අන්තයේ එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව සෞදි අරාබිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයන් මැදිහත් වී, ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය පැහැදිලිව හඳුනා ගැනීම කළ යුතු යැයි සෞදි විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි සෞදියේ අසල්වැසියා වන යේමනයේ රජයට එරෙහිව සටන් කරන හවුති කැරැලිකරුවෝ පවසති. හවුති ෂියා මුස්ලිම් කැරැලිකාර කණ්ඩායමක් වන අතර මොවුන්ට ඉරානයේ සහාය හිමිවෙයි. ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS