සෞදිය ගුවන්යානයක් හරවා යවයි



ඕමාන් අල්-සලාම් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ආපසු හරවා යැවීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගුවන් මෙහෙයුම් බලපත්‍රය අලුත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අබ්දුල්ලාසිස් බින් සවුද් රජු ගුවන්තොටුපොලට ගුවන්යානය ගොඩබැස්සවීමට අවසර නොදීමට සෞදි බලධාරීන් කටයුතු කර ඇත.

ගුවන් මඟීන් 155 දෙනෙක් සමඟ ගුවන් යානය මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට නැවත පැමිණ ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS