සෞදිය ගුවන් තහනම ලිහිල් කරයි



සෞදි අරාබිය පනවා ඇති ජාත්‍යන්තර ගුවන්ගමන් තහනම ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞදිය තුල සිටින විදේශිකයන්ට සිය රටවලට ගමන් කිරීමට සහ සෞදි ජාතිකයන්ගේ අත්‍යාවශ්‍ය ගමන් සඳහා ගුවන් තහනම ලිහිල් කිරීමට කටයුතු කර ඇත.

අදාල ලිහිල් කිරීම සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස්වලට අනුව, 2021 ජනවාරි 01 වන දින සිට ගොඩබිම, මුහුද සහ ගුවන්තොටුපළ හරහා සෞදි ජාතිකයන්ට සෞදි අරාබියෙන් පිටවීමට සහ ඇතුළුවීමට අවසර ලබාදෙන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියද් නුවර)

RECOMMEND POSTS