සෞදිය ඊශ්‍රායලය ඉරානයට එරෙහිව



මැදපෙරදිග කලාපයට ඉරානයෙන් එල්ල වන අනවශ්‍ය බලපෑම් සහ තර්ජන සම්බන්ධයෙන් සෞදි අරාබිය සමඟ එක් වී, ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනවා යැයි ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ගාදී ඉසෙන්කෝත් කියයි.

ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා මෙසේ කියා සිටියේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඊශ්‍රායල ආරක්ෂක සහ බුද්ධි අංශ පවා සෞදි ආරක්ෂක අංශ සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවය.

සෞදිය සහ ඊශ්‍රායලය අතර ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමට ඉරානය හේතුවක් වී ඇතැයි ද ලුතිනන් ජෙනරාල් ගාදී ඉසෙන්කෝත් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS