සෞදිය ඉරාන බෝට්ටු පන්නයි



සෞදි මුහුදු සීමාවට ඇතුළු වු ඉරාන යාත්‍රා තුනක් පන්නා දැමීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞදි මුහුදු සීමාවට ඉරාන යාත්‍රා ඇතුළුවීමෙන් පසු ලුහුබැඳ ගොස් නතරවනලෙස සෞදිසමුද්‍ර දේශසීමා ආරක්ෂක නිලධාරීන් නියෝග කර ඇත.

සෞදි සමුද්‍ර දේශසීමා ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ නියෝග පිළිනොගැනීම නිසා ඉරාන යාත්‍රාවලට වෙඩිතැබීමට කටයුතු කර ඇත.

සෞදි මුහුදු සීමාවට නීතිවිරෝධිව ඇතුළුවීමට ඉඩ නොදෙන බව සමුද්‍ර දේශසීමා ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS