සෞදිය ඉරාන ධිවරයින් නිදහස් කරයි



වසරකට වැඩි කාලයක් සෞදිසිරභාරයේ තබා ගෙන සිටි ඉරාන ධිවරයින් පිරිසක් සෞදි රාජ්‍ය නිදහස් කර ඇති අතර දෙරට අතර පවතිව එදිරිවාදිකම් තත්ත්වය හේතුවෙන් මෙය ඉතා විරල අවස්ථාවක් බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

2016 වර්ෂයේදි සෞදි රාජ්‍යට අයත් මුහුදු සීමාවේදි සෞදි වෙරළාරක්ෂක බළකාය තමන්ව අත්අඩංගුවට ගත් බව සෞදි සිරභාරයෙන් නිදහස් වු ධිවරයින් පස් දෙනෙකු ප්‍රකාශ කළේය.

ඉරානය තම ධිවරයින් නිදහස් කරන ලෙස ජුනි මාසයේදි සෞදි රාජ්‍යයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සතියකට පසුව ධීවරයින් පිරිස මුදා හැරීමට සෞදි අරාබිය පියවර ගත්තේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS