සෞදිය අපරාධ කරන්නේ ඇමෙරිකාවේ අනුමැතියෙන් - යේමනයේ හවුති නායකයා කියයි



 
 
සෞදි අරාබිය යේමනයේ පමණක් නොව, මැදපෙරදිග සෙසු රටවල ද අපරාධ කරන්නේ ඇමෙරිකාවෙන් ලැබුණු අවසරය මත යැයි යේමනයේ හවුති සටන්කාමී සංවිධානයේ නායක අබ්දුල් මලීක් අල් හවුතී පවසයි.
යේමනයේ පමණක් නොව, ඊජිප්තුවේ, සිරියාවේ අර්බුද ඇති කරමින් එම රටවල් අස්ථාවර වනු දැකීම සෞදි අරාබියේ අරමුණ වී ඇතැයි ද යේමනයේ හවුති නායකයා වැඩි දුරටත් කියා සිටී.
සෞදි අරාබිය යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ඇමෙරිකාවේ අනුදැනුම සහ අවසරය පරිදිය. යේමනයේ සිවිල් වැසියන් සිය ගණනින් සෞදි ගුවන් ප්‍රහාරවලින් මියගියත් ඇමෙරිකාව ඊට කිසිදු විරෝධයක් නොදක්වන බව ද හවුති නායකයා පවසා තිබේ.
 

RECOMMEND POSTS