සෞදි හමුදාව 114 වතාවක් යේමන සටන් විරාමය කඩලා



 

 

සෞදි රජය මැදිහත් වී, ඉකුත් සෙනසුරාදා යේමනයට හඳුන්වා දුන් පැය 48 ක සටන් විරාමය, සෞදි හමුදාව විසින් 114 වතාවක් කඩ කර ඇතැයි යේමන රජය පෙරළා දැමූ ෂියා මුස්ලිම් ‘හවුති’ සටන්කාමීහු චෝදනා කරති.
යේමනයට සෞදි රජය එම සටන් විරාමය හඳුන්වා දුන්නේ ද හවුති සටන්කාමීන් සමඟ එකඟතාවක් ඇති කර ගනිමිනි. සෞදියේ සහාය හිමි වන්නේ එම සටන්කාමීන් විසින් බලයෙන් නෙරපා දැමූ යේමන රජයටය.
පැය 48 සටන් විමාරය ආරම්භ වූයේ පසුගිය සෙනසුරාදා යේමනයේ වේලාවෙන් දහවල් 12 සිටය. සටන් විරාමයකට සෞදිය එකඟවීමත්, එය ක්‍රියාත්මක කිරීමත් ගැන එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා පැසැසුමට හේතුවක් විය. සටන් විරාමය කඩ කළේ යැයි තමන්ට එල්ල කරන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ද සෞදිය වැඩි දුරටත් කියා සිටී.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS