සෞදි හමුදා නිලධාරීන් පුහුණු කිරීම නවත්වයි
ෆ්ලොරීඩාවේ පිහිටි පෙන්සකෝලා කඳවුරේ වෙඩි තැබීමෙන් ඇමෙරිකා සොල්දාදුවන් මියයෑමේ සිදුවීමෙන් පසු, සෞදි ගුවන් නියමුවන් පුහුණු කිරීම නැවැත්වීමට ඇමෙරිකා හමුදාව සහ රජය තීරණය කර ඇත.
කඳවුරේ වෙඩි තැබීම කළේ සෞදි ගුවන් හමුදා නියමුවෙකි. මොහු ඇතුළු තවත් සෞදි නියමුවෝ පිරිසක් කඳවුරේ පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වී සිටියහ. වෙඩි තැබීමි සිදුවූයේ එම අවස්ථාවේදීය.
(අල් ජසීරා)